සොෆ්ට්ලොජික් හෝල්ඩිංන්ස් කොටස් නිකුතුවට සැරසේ....

දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංන්ස් සමාගම කොටස් නිකුතුවකට සූදානම් වන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳපලේ(CSE) අනුමැතිය ලැබී ඇතැයි පැවසේ. මේ අනුව රු. 29ක් වන කොටස් මිලියන 139ක් නිකුත් කර රු. බිලියන 4ක් රැස් කිරිමට බලාපොරොත්තු වන බව සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අශෝක පතිරගේ මහතා පවසයි.

මෙම සමාගම නොකියා දුරකථන හා ඩෙල් පරිගණක බෙදාහරින්නාද වන අතර ආසිරි රෝහල් සමූහයේ හා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් PLC හි හිමිකාරිත්වයද දරයි. එසේම මෙම සමාගම වාහන විකිනීම් , හොටල් ආදී ක්ෂේත්‍ර රැසක ව්‍යාපාර සිදු කරයි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "සොෆ්ට්ලොජික් හෝල්ඩිංන්ස් කොටස් නිකුතුවට සැරසේ...."

Post a Comment