Expolankaටත් අධික ඉල්ලුමක්...

කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයින් දක්වන දැඩි උනන්දුව Expolanka කොටස් නිකුතුවෙන්ද පිළිඹිබු වේ.

මේ අනුව, Expolanka සමාගම් සමූහය විසින් රුපියල් බිලියන 2.4 ක් රැස්කර ගැනීම වෙනුවෙන් සිදුකළ කොටස් නිකුතුව විවෘත කළ දිනයේදීම එයට අධි ඉල්ලුමක් ඇතිවූ අතර ඒ සඳහා රුපියල් බිලියන 11.5 ක් වටිනා කොටස් අයදුම් පත් ලැබී තිබේ.
මෙහිදී, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ වටිනා කමින් වැඩි බොහෝ අයදුම්පත් බැංකු ඇප සුරැකුම් ලබාදෙමින් ඉදිරිපත් කර තිබූ බවයි.
මේ අනුව, රුපියල් බිලියන 9.5 ක් වටිනා අයදුම් පත් 108 ක් ලැබී තිබෙන්නේ බැංකු සුරැකුම් ඉදිරිපත් කරමින්ය.
මීට අමතරව, රුපියල් බිලියන 02 ක් පමණ වටිනා අයදුම් පත් 12,917 ක් ලැබී තිබෙන්නේ චෙක් පත් වලින් හා බැංකු අණකර ඉදිරිපත් කරමින් බව සඳහන්ය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "Expolankaටත් අධික ඉල්ලුමක්..."

Post a Comment