තවත් සමාගම් තුනක් කොටස් වෙළඳපලට

මහ බැංකු නියාමනය අනුව යමින් තවත් මුල්‍ය සමාගම් 2ක් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට අවර ලැබී ඇත. මේ අනුව ඇසෝසියේටඩ් මොටර් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් (Associated Motor Finance Company Ltd) හා අබාන්ස් ෆයිනෑන්ශල් සර්විසස් (Abans Financial Services Limited) කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කෙරේ.

එසේම කොළඹ කොටස් වෙළඳපොළේ කොතෙකුත් සමාගම් ලයිස්තු ගත වුවත් තවමත් ඇඟලුම් නිපදවන සමාගමක් ලයිස්තු ගතවී නොමැත. එම සීමාව කඩා බිඳ දමමින් ඇඟලුම් නිපදවන සමාගමක්ද ලයිස්තු ගතවීමට සූදානම් වේ.
මේ අනුව, ෆින්කෝ සමාගම් සමූහයට අයත් ඔරියන්ට් ගාමන්ට් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ දෙවන පුවරුවේ ලයිස්තු ගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

මේවා මූලික නිකුතු (Initial Public Offerings - IPO) නොවන අතර සමාගමේ කොටස් හිමි පාර්ශවයන්ට කොටස් විකුණා දැමීම (Introduction) සඳහා අවස්ථාව හිමිවේ.

එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංස් සමාගමේ හා බිම්පුත් ලංකා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් වල කොටස් ජුනි 13 වනදා ලැයිස්තු ගත කෙරේ.

Stock Codes - 
Expolanka Holdings Limited -  EXPO.N0000

Bimputh Lanka Investments Limited - BLI.N0000

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "තවත් සමාගම් තුනක් කොටස් වෙළඳපලට"

Post a Comment