තවත් අගනා කොටස් නිකුතුවක් - වැලිබල් වන් ලිමිටඩ් (Vallibel ONE Limited)



දිවයිනේ ප්‍රකට ව්‍යාපරිකයකු මෙන්ම වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් හා හිටපු අයෝජන මණ්ඩල සභාපතිවරයාද වන ධම්මික පෙරේරා මහතාගේ පෞද්ගලික අයෝජන ඒකාබද්ධ කර ආරම්භ කල වැලිබල් වන් සමාගම (Vallibel ONE Limited) කොටස් වෙළඳපලෙහි ලැයිස්තු ගත කිරීමට අවසර ලැබී ඇත.

මේ මුලික නිකුතුවක් (Initial Public Offering - IPO) මගින් අනුව රු 25 බැගින් වූ කොටස් 21,311,870 නිකුත් කර රු මිලියන 532.7ක් රැස් කිරීමට සමාගම බලාපොරොත්තු වේ. මුලික නිකුතුව ජුනි මස 21 වන දින ආරම්භ වන අතර ජුනි 9 වනසා සිට අයදුම්පත් යොමු කල හැකිය.

මේ වන විට සමාගම එල් බී ෆිනෑන්ස් පීඑල්සී (LB Finance PLC) සහ රෝයල් සෙරමික් ලංකා පීඑල්සී (Royal Ceramics Lanka PLC) සමාගම් වල 51%ක හිමිකාරිත්වය දරයි. එසේම සම්පත් බැංකුවේ (Sampath Bank PLC) 15%ක්ද මෙම සමාගම සතුවේ. එසේම ග්‍රීනර් වෝටර් (Greener Water Limited) නම් පුර්ණ අනුබද්ධ සමාගම යටතේ මීගමුව ප්‍රදේශයේ කාමර 382 කින් යුත් තරු පහේ හෝටලයක්ද ඉදිකෙරෙමින් පවතී. වැලිබල් වන් සමාගම ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රයේද අයෝජන සිදු කිරීමට බලාපොරොත්තු වේ.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

0 Response to "තවත් අගනා කොටස් නිකුතුවක් - වැලිබල් වන් ලිමිටඩ් (Vallibel ONE Limited)"

Post a Comment